"සිතුවිලි මංසලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......

Saturday, July 31, 2010

ඉකිබිදින තුරුණු විය..

තරුණ විය ජීවිතයේ සුන්දරම අවදිය එක් එක් ආකරයෙන් කථා බහට ලක්වෙනවා.
ඇතැම් අය ඒ ගැන බොහොම යහපත් විදියට කතා කරද්දි තවත් අය විවේචනය කරන්න සුදානම්.කොහොම වුනත් දවසින් දවස මිනිත්තුවෙන් මිනිත්තුව ඒ ව්ටිනා තරුණ විය ගෙවිලා යාවි.
ආදරය,අනුගමනය,විලාසිතා,මේ හැම එකක්ම වගේ තරුණකමත් එක්ක බද්ධ වන සධකයන්.ඒත් එක්කම තරුණ කමත් එක්ක ඇතිවන හැගීම් මේ දේවල් වැරදි විදියට යොදා ගැනීම නිසා තාරුණ්‍යය වල්මත් වෙලා කිව්වොත් වැරදි නැහැ.
ඒත් වරථමානය ගත්තම තරුණ තරුණියන් ජීවතේ මං මුලා වෙලා ජීවිතේ විදවනවා.අද කාලයේ රූපවාහිනි දැන්වීමක් පුවත්පත් දැන්වීමක් ගත්තොත්
තාරුණ්‍යය සහ තරුණ තරුණියන් වෙළද භණ්ඩ බවට පත් වෙලා.තාරුණ්‍යය,හැගීම් වැරදි විදියට යොදාගන වේනත අය තමන්ගේ අරමුණු ඉශ්ට කර ගන්නවා.නමුත් තරුණ හිත් වල දුර්වල තැන් වලට සිහින එකතු කරගන අවසානයේදී කදුල පසුතැවීම පමනක් ඉතිරිවෙලා.
ජීවිතය හරි විදියට හිතන්න,බුද්ධිමත්ව හිතනවනම් තරුණ විය බොහොම අර්ථවත් වේවී.

..............................................................................



ජීවිතයේ ගෙවී යන සුන්දරම වසන්තය.
ඉකිබිදි තරුණ විය කාටවත් නොදැනීම
දහසක් ශින මැද අතර මං වෙලා හිද.
ගෙවී යන අද දවස..
එකතු කර අතීතයට.
ඉතින් අපි පිය නගමු.
හෙට දවස සොයාගන..

Monday, July 26, 2010

දයාබර ඇදුරුතුමනි,ඔබට නිවන් සුව..!


වෙනදා වගේම සිංහල බ්ලොග් අඩවියට ආවේ වටිනා අදහස් ටිකක් හොයාගන.ඒත් කියවන්න තිබුන දේ දැක්කම මට අදහා ගන්න බැරි වුනා..පින්තු සර් අපෙන් සදහටම වෙන් වෙලා ගිහින්.කම්පියුටර් පන්තියෙදී කම්පියුටර් විතරක් නොවෙයි ජීවිතයම කියාදීපු අපේ ඇදුරුතුමා.
මට මතක් වෙනවා ඔබතුමා ලියපු "ඔබත් පියවර 25කින් විශිෂ්ඨයෙකු වන්න"පොතක් මට දීපු දවස.එදා අපේ පින්තු සර් මට කිව්වේ ,හර්ශණ,මේ පොත හොදට කියවලා හිතට ගන්න කියලා..එකෙන් ලබපු පන්නරය මුලු ජීවිතේටම වටිනවා.ඒත් එක්කම ඔබ තුමා ජංගම දුරකතනයෙන් පවා අපිට උපදෙස් දුන්නා.ඒත් සර් අපෙන් වෙන්වෙලා ගිහින්.ඔබතුමාගෙන් ඉගනගන්න ලැබීමත් වාසනාවක්..ආදරණීය අදුරුතුමනී,ඔබට නිවන් සුව!!!!
................................................................................
යහපත් මිනිසුන් තනන්නට වෙර දැරූ සොදුරු මිනිසෙකුගේ සටහන්......ගිහින්ම බලන්න..>>>>
http://kumudupinto.wordpress.com

දුශ්කර මාවතක ඇවිද යන අතරමග


හමුවුනා එක් තැනක ගුරුතුමනි,දයාබර..

නවීන ලෝකයට මංපෙත් කියා දී..

ජීවිතය ඉගැන්වු හැටි තාම මතකයි හැමදාම...

අද එහෙත් නුඹ ගිහින් මේ ලොවෙන් නික්මිලා.

කුමුදු මල මිලින වී එහි සුවද දුර ගිහින්..


සදාකල් නුඹේ නම ‍රැදී ඇත ලක්බිමේ.

දයාබර ගුරුතුමනි,පතන්නෙමි.නිවන් සුව!


harshana kasun millathae
openarc.nodes




[ජායාරූප දුමී සොහොයුරාගේ බ්ලොග් එකෙනි.එය උපුටා ගැනීම පිලිබදව අමනාප නොවනු ඇතයි සිතමි...]





Sunday, July 25, 2010

සිතුවිලි නිම්නය 02


සදක් වී පායන්න ඔබේ සිත් අහසේ..
මලක් වී හිනහෙන්න ඔබේ නෙතු මානයේ..

සිනහවක් වී ඉන්න නුඹගේ මුව මඩලේ..
පෙරුම් පිරුවා ඉතින් හැමදාම සසරේ..

දුරින් ඉන්නට සිතින් හිතුවත් සිත හඩයි රහසේ..
එනමුත් නුඹ ගිහින් දුර ඈත තනි වී..
හදවතින් හැමදාම මම ඉතින් නුඹේ ලංග..

යළිත් නුඹ එන තුරුම..


Copyright @millathaeCREATIONS.

හදවතට දෑනෙන්නට



“සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා….” මේ සින්දුව ඇහෙනකොට දවසක් කම්පියුටර් පන්ති ඉවරවෙලා එන බස් එන ඉන්න කොට දැකපු සිදුවීමකුත් එක්ක මෙහෙම ලියන්න හිතුනා.

ජීවිතේ අපි කවුරුත් ඉස්සෙල්ලම කියවපු වචනය අම්මා,තාත්තා.එත් අද අපේ රටේ හැම නගරයක්ම වගේ හිගමන් යදින අපේ අම්මලා තාත්තලා ගැන ලියන්න හිතුනේ ඒකයි.
ඇත්තටම අපේ රටට ඇයි මෙහෙම වුනේ.ඇයි අපේ අය අද අම්මාලාට තාත්තලට නොසලක හරින තත්වයට පත් වුනේ.අද ජීවත් වෙන්න කරන තරගයත් එක්ක අපිට දෙමව්පියන් අමතක වෙලාද?
නමුත් අපේ තිබුනු අපේකම අපිටම නොදැනී අපෙන් දුරස් වෙලා ගිහින්.තමන් ඉපදුන දවසේ ඉදලා හදපු දෙමව්පියන් එක්ක එකට පාරක යන්න බැ කියන තැන්ට අද වෙනකොට අපේම සහෝදර සහෝදරියෝ පත් වෙලා. ඒත් එක්කම වයසට යන අම්මා,තාත්තා තමන්ට ලැජ්ජාවක් කියලා හිතන තරමට හිත් පිරිහිලා ගිහිල්ල.වයසට ගියාම ඔවුන් බළාපොරොත්තු වන ආදරය නොලෙබුනම කගෙවත් සරණ්ක් නැතුව මහමගට යාම හැර ඔවුන්ට වෙන කල හැකි යමක් නෑ.ඔවුන්ට අවශ්‍ය ආදරය,‍රැකවරණ්ය දීලා දෙමව්පියන්ව ‍රැකගන්න පුලුවන් අනාගත පරපුරක් අපේ රටේ ඇති වෙනවනම්……..
බස් එකට ගොඩවෙලා සිගමන් යැදපු මහලු මව බස් එකෙන් බැහැලා ගියා.
බස් රථයේ දාලා තිබුන ගී තැටියෙන් තවත් ගීතයක් ආරම්භ වුනා.
“අපි අසරණ් වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ….”

Tuesday, July 20, 2010




ආයුබෝවන්!

දුශ්කරයි පැමිණි මග දෙපයම වාරු නැත
එනමුදු තවත් දුර යා යුතුව ඇත තවම
අකුරු කළ පද වැල් හදවතේ තනිවෙලා
සිතුවිලි එකතු වී හදවතේ මංසලක.
නැවතිලා මොහොතකට පිය නගමු යලි නැවත....