"සිතුවිලි මංසලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......

Sunday, July 25, 2010

හදවතට දෑනෙන්නට



“සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා….” මේ සින්දුව ඇහෙනකොට දවසක් කම්පියුටර් පන්ති ඉවරවෙලා එන බස් එන ඉන්න කොට දැකපු සිදුවීමකුත් එක්ක මෙහෙම ලියන්න හිතුනා.

ජීවිතේ අපි කවුරුත් ඉස්සෙල්ලම කියවපු වචනය අම්මා,තාත්තා.එත් අද අපේ රටේ හැම නගරයක්ම වගේ හිගමන් යදින අපේ අම්මලා තාත්තලා ගැන ලියන්න හිතුනේ ඒකයි.
ඇත්තටම අපේ රටට ඇයි මෙහෙම වුනේ.ඇයි අපේ අය අද අම්මාලාට තාත්තලට නොසලක හරින තත්වයට පත් වුනේ.අද ජීවත් වෙන්න කරන තරගයත් එක්ක අපිට දෙමව්පියන් අමතක වෙලාද?
නමුත් අපේ තිබුනු අපේකම අපිටම නොදැනී අපෙන් දුරස් වෙලා ගිහින්.තමන් ඉපදුන දවසේ ඉදලා හදපු දෙමව්පියන් එක්ක එකට පාරක යන්න බැ කියන තැන්ට අද වෙනකොට අපේම සහෝදර සහෝදරියෝ පත් වෙලා. ඒත් එක්කම වයසට යන අම්මා,තාත්තා තමන්ට ලැජ්ජාවක් කියලා හිතන තරමට හිත් පිරිහිලා ගිහිල්ල.වයසට ගියාම ඔවුන් බළාපොරොත්තු වන ආදරය නොලෙබුනම කගෙවත් සරණ්ක් නැතුව මහමගට යාම හැර ඔවුන්ට වෙන කල හැකි යමක් නෑ.ඔවුන්ට අවශ්‍ය ආදරය,‍රැකවරණ්ය දීලා දෙමව්පියන්ව ‍රැකගන්න පුලුවන් අනාගත පරපුරක් අපේ රටේ ඇති වෙනවනම්……..
බස් එකට ගොඩවෙලා සිගමන් යැදපු මහලු මව බස් එකෙන් බැහැලා ගියා.
බස් රථයේ දාලා තිබුන ගී තැටියෙන් තවත් ගීතයක් ආරම්භ වුනා.
“අපි අසරණ් වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ….”

1 comment:

  1. ඇයි කුණුබක්කි වලිං පොඩි උං මතු වෙන්නේ? ඇයි පොඩිඋං හිඟමන් ඉල්ලන්නේ?

    ReplyDelete