වෙනදා වගේම සිංහල බ්ලොග් අඩවියට ආවේ වටිනා අදහස් ටිකක් හොයාගන.ඒත් කියවන්න තිබුන දේ දැක්කම මට අදහා ගන්න බැරි වුනා..පින්තු සර් අපෙන් සදහටම වෙන් වෙලා ගිහින්.කම්පියුටර් පන්තියෙදී කම්පියුටර් විතරක් නොවෙයි ජීවිතයම කියාදීපු අපේ ඇදුරුතුමා.
මට මතක් වෙනවා ඔබතුමා ලියපු "ඔබත් පියවර 25කින් විශිෂ්ඨයෙකු වන්න"පොතක් මට දීපු දවස.එදා අපේ පින්තු සර් මට කිව්වේ ,හර්ශණ,මේ පොත හොදට කියවලා හිතට ගන්න කියලා..එකෙන් ලබපු පන්නරය මුලු ජීවිතේටම වටිනවා.ඒත් එක්කම ඔබ තුමා ජංගම දුරකතනයෙන් පවා අපිට උපදෙස් දුන්නා.ඒත් සර් අපෙන් වෙන්වෙලා ගිහින්.ඔබතුමාගෙන් ඉගනගන්න ලැබීමත් වාසනාවක්..ආදරණීය අදුරුතුමනී,ඔබට නිවන් සුව!!!!
................................................................................
යහපත් මිනිසුන් තනන්නට වෙර දැරූ සොදුරු මිනිසෙකුගේ සටහන්......ගිහින්ම බලන්න..>>>>
http://kumudupinto.wordpress.com
දුශ්කර මාවතක ඇවිද යන අතරමග
හමුවුනා එක් තැනක ගුරුතුමනි,දයාබර..
නවීන ලෝකයට මංපෙත් කියා දී..
ජීවිතය ඉගැන්වු හැටි තාම මතකයි හැමදාම...
අද එහෙත් නුඹ ගිහින් මේ ලොවෙන් නික්මිලා.
කුමුදු මල මිලින වී එහි සුවද දුර ගිහින්..
සදාකල් නුඹේ නම රැදී ඇත ලක්බිමේ.
දයාබර ගුරුතුමනි,පතන්නෙමි.නිවන් සුව!
harshana kasun millathae
openarc.nodes
[ජායාරූප දුමී සොහොයුරාගේ බ්ලොග් එකෙනි.එය උපුටා ගැනීම පිලිබදව අමනාප නොවනු ඇතයි සිතමි...]
"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html