"සිතුවිලි මංසලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......

Saturday, July 31, 2010

ඉකිබිදින තුරුණු විය..

තරුණ විය ජීවිතයේ සුන්දරම අවදිය එක් එක් ආකරයෙන් කථා බහට ලක්වෙනවා.
ඇතැම් අය ඒ ගැන බොහොම යහපත් විදියට කතා කරද්දි තවත් අය විවේචනය කරන්න සුදානම්.කොහොම වුනත් දවසින් දවස මිනිත්තුවෙන් මිනිත්තුව ඒ ව්ටිනා තරුණ විය ගෙවිලා යාවි.
ආදරය,අනුගමනය,විලාසිතා,මේ හැම එකක්ම වගේ තරුණකමත් එක්ක බද්ධ වන සධකයන්.ඒත් එක්කම තරුණ කමත් එක්ක ඇතිවන හැගීම් මේ දේවල් වැරදි විදියට යොදා ගැනීම නිසා තාරුණ්‍යය වල්මත් වෙලා කිව්වොත් වැරදි නැහැ.
ඒත් වරථමානය ගත්තම තරුණ තරුණියන් ජීවතේ මං මුලා වෙලා ජීවිතේ විදවනවා.අද කාලයේ රූපවාහිනි දැන්වීමක් පුවත්පත් දැන්වීමක් ගත්තොත්
තාරුණ්‍යය සහ තරුණ තරුණියන් වෙළද භණ්ඩ බවට පත් වෙලා.තාරුණ්‍යය,හැගීම් වැරදි විදියට යොදාගන වේනත අය තමන්ගේ අරමුණු ඉශ්ට කර ගන්නවා.නමුත් තරුණ හිත් වල දුර්වල තැන් වලට සිහින එකතු කරගන අවසානයේදී කදුල පසුතැවීම පමනක් ඉතිරිවෙලා.
ජීවිතය හරි විදියට හිතන්න,බුද්ධිමත්ව හිතනවනම් තරුණ විය බොහොම අර්ථවත් වේවී.

..............................................................................



ජීවිතයේ ගෙවී යන සුන්දරම වසන්තය.
ඉකිබිදි තරුණ විය කාටවත් නොදැනීම
දහසක් ශින මැද අතර මං වෙලා හිද.
ගෙවී යන අද දවස..
එකතු කර අතීතයට.
ඉතින් අපි පිය නගමු.
හෙට දවස සොයාගන..

2 comments:

  1. නියමිත ඉලක්කයක් අනුව ගමන් කරනවානම් තරුණවිය ගොඩාක් ලස්සන කරගන්න පුලුවන්..

    ReplyDelete
  2. ඒක අනිත් අයත්තේරූම් ගන්නවන්ම් තමයි සහෝ,වටින්නේ.

    ReplyDelete